April 24, 2024

ඊළඟ බලවේගයට ජවිපෙ සුදානම් - නායකත්වය අනුරට

December 05, 2021

රටේ පැන නැගි ඇති අර්බුද හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ පක්ෂ කිහිපයක් එක් කර ගනිමින් කඩිනමින් මේ රට තුල ජාතික බලවේගයක් ගොඩ නැගිමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ පා.ම විජිත හේරත් මහතා පැවසුවා.

විජිත හේරත් මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ අද (05) දින ගමෙන් පටන් ගමු යන වැඩසටහන හැටන් නගරයෙන් අරම්භ කරමින්.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු විජිත හේරත් මන්ත්‍රිවරයා කියා සිටියේ,

මේ ආණ්ඩුවට බලයට එද්දි කිව්වේ ජනතාව සැපෙන් ජිවත් කරනවා කියලා. දැන් ගෑස් නෑ. කිරිපිටි නෑ. වතුකරයේ ජනතාවට තිරිගු පිටි නැතුව රොටි කන්නත් බැරි වෙලා තියෙන්නේ. තිරිගු පිටි කිලෝවක් මුලින්ම රු.10.00 කින් වැඩි වුණා. ඊට පස්සේ රු.17.50 කින් වැඩි වුණා. දැන් රු.27.50 කින් වැඩියි. වතු කම්කරුවන්ට රු දහසක වැටුපක් ලබාදෙන බවට පොරොන්දු වුණා. නමුත් අද වෙනකම් හරියට එම මුදල ලැබිලා නැහැ. පසුගිය දවස් වල වතු සමාගම් විසින් කොන්දේසියක් පනවා තිබුණා දවසට අමු තේ දළු කිලෝ 20 ක් නෙලිය යුතුයි කියලා. එහෙම නැති වුණොත් රු.1000 ලැබෙන්නේ නෑ. වතු කම්කරුවන්ගේ අතේ මුදල් තිබුණොත් තමයි වතුකරයේ නගර වල වෙලෙන්දන්ට ආදායමක් ලැබෙන්නේ. දැන් රසායනික පොහොර නෑ. කෘෂි රසායනික ද්‍රව්‍ය නෑ. වතු කම්කරුවන්ට ගේ මිදුලේ සිදු කරගෙන ගිය වගාවත් කර ගන්න විදිහක් නෑ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වෙලා ජනතාවට ජිවත් වෙන්න බැරි තැනකට දැන් පත් වෙලා තියෙන්නේ. වතුකරයේ ජනතාව අපි සමග කියන්නේ අහස උසට බඩු මිල යනවා ඒක දරා ගන්න අමාරුයි ඒ නිසා මේකට විසදුමක් අවශ්‍යයි කියලා."

"දිවයින පුරා විදුලි ඇණ හිටිම නොරොච්චෝලයේ ගැටළුවක් කියලා ඉංජිනේරුවන් පැහැදිලි කරා. නමුත් ආණ්ඩු පක්ෂයේ ඇතැම් ඇමතිවරුන් ඒකටත් අභූත චෝදනා නැගුවා. විදුලිය හරියට ලබා දෙන්න බැරි තැනකට මේ රජය පත් වෙලා තියෙනවා. ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් ලබා දිමට මේ රජය අපොහොසත් වෙලා ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට පමණක් නෙවෙයි මේ රටේ ජනතාවට කිසිදු ආරක්ෂාවක් නෑ. මේ ආණ්ඩුව බලයට ආවේ ජාතික ආරක්ෂාව හදන්න, හැබැයි දැන් කුස්සිය ආරක්ෂාවක් නෑ. ජනතාව කුස්සියට යන්නේ බයෙන්. ආපනශාලාවල කොකියන් ආහාර පිසින්නේ බයෙන් කොයි වෙලාවේ හරි ගෑස් එක පුපුරයි කියලා. ජනතාවගේ ජිවත වල ආරක්ෂාවක් නැති විට මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව ගැන කවර කතාද?"

"බිම් මට්ටමේ සිටින ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන්, එක්සත් ජාතික පාක්ෂිකයන්, වතුකරය නියෝජනය කරන පක්ෂ වල සාමාජිකයන්, මුස්ලිම් ජනතාව, ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් එක්ව නව දේශපාලන බලවේගයක් ගොඩ නැගිය යුතුයි. අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත් රටක් හදන්න සිංහල දමිල මුස්ලිම් ජනතාව එකතු වෙමින් සිටිනවා. ජනතාවට දැන් අවශ්‍ය අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නිෂ්පාදනය මුලික කරගත් රටක් පිහිටුවන්න. උඩ ඉන්න ඇමතිවරුන් සහ මන්ත්‍රිවරුන් අවස්තාවාදිව තමයි තින්දු තිරණ ගන්නේ. දැන් නායකයන්ගේ තින්දු පාක්ෂිකයන් පිලිගන්නේ නෑ. පාක්ෂිකයන් කටයුතු කරන්නේ නායකයින් මොනවා කරත් නව දේශපාලන බලවේගයකට යා යුතුයි කියලා. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුල ඉන්නවාද? යනවද කියන එක ජනතාවට එතරම් ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ආණ්ඩුවටත් එතරම් ගැටළුවක් නෙවෙයි. මොකද ආණ්ඩු එයාලාගේ ජන්ද ටිකෙන් කරන ගන්න ඕනි ටික කරගෙන තියෙන්නේ."

"20 වෙනි සශෝධනය සම්මත කර ගත්තා. අයවැය 2/3 බලයෙන් සම්මත කරගත්තා. දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අය හිටියත් එකයි නැතත් එකයි කියලා තමයි පොදු ජන පෙරමුණේ අය කියන්නේ. හැබැයි ජනතාවට තිබෙන ගැටළුව තමයි ජිවන අර්බුදයට ලැබෙන විසදුම සම්බන්ධයෙන්. අනුර කුමාර දිසානායක මහතා සාමුහික කණ්ඩායමකට නායකත්වය ලබාදෙන කෙනෙක්. ඔහු වටා විශාල ලෙස බුද්ධිමතුන්, විද්‍යාඥයින්, වෘත්තිකයන් ඒකරාශ්‍රි වෙලා තියෙනවා. තනි පුද්ගලයෙකුට නෙවෙයි කණ්ඩායමකට රට භාර දෙන්න ජනතාව දැන් සුදානම්. රටේ ජනතාව අපිට කියන්නේ ඉක්මනින් මේ ආණ්ඩුව පෙරලන්න කියලා. හෙට පුළුවන් නම් ආණ්ඩුව ගෙදර යවලා නව ආණ්ඩුවක් පිහිටු වන්න කියලා. අවුරුදු දෙකක් යනකොට ජනතාවට මේ ආණ්ඩුව එපා වෙලා තියෙනවා. අවුරුදු දෙක යන කොට ජනාධිපතිවරයාම කියනවා අපිව එපා නම් පරණ අයට රට දෙන්න එපා අලුත් කණ්ඩයමකට මේ රට භාර දෙන්න කියලා. ඒ කියන්නේ ජනාධිපතිවරයාටම තේරෙනවා ජනතාවට මේ රජය එපා වෙලා ඒ නිසා මේ රට ගොඩනැගිය හැක්කේ නව කණ්ඩායමකට බව. ජනතාවට දැන් තේරෙනවා අවුරුදු දෙකකට කලින් තමන්ට වැරදුණා කියලා. දැන් ජනතාවට නව ආණ්ඩුවක් අවශ්‍යය බව පවසනවා." යනුවෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Rate this item
(0 votes)

Related items