April 26, 2024

කැබිනට්ටුවේදි බඩු මිල උඩ එයි : ජනපති හා මුදල් ඇමතිගෙන් දෙවිදිහකට පිළිතුරු

December 05, 2021

පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී බඩු මිල ඉහළ යාමේ ප්‍රශ්නය සාකච්ඡා වී තිබෙනවා.

ජනපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමේදී මතු වූ එම ප්‍රශ්නයට පිළිතුරු දී තිබෙන්නේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා.

මුදල් ඇමතිගේ ප්‍රතිචාරය

"බඩු මිල අඩු කරලා බඩු සුලබ කරන්න ඕන.හැබැයි බදු නම් අඩු කරන්න බැහැ."

මුදල් ඇමතිවරයා පිළිතුරු දී තිබෙන්නේ ඒ ආකාරයට.

ඉන් සෑහීමකට පත් නොවූ ඇමතිවරු සිය අදහස් පල කර තිබෙනවා.

පොලිස් ඇමතිගේ දුක

එහි මූලිකත්වය ගෙන තිබෙන්නේ සරත් වීරසේකර අමාත්‍යවරයා.

ඔහු සඳහන් කර තිබෙන්නේ බඩු මිල හා පවතින ප්‍රශ්න වල ඇත්ත තත්ත්වය ජනතාවට ඉදිරිපත් කළ යුතු බවයි.

ගමේ මිනිහට ආණ්ඩුව මුහුණ දී තියෙන ප්‍රශ්න තේරෙන්නේ නැති බැවින් බඩු මිල ප්‍රශ්නය හමුවේ රජය අප්‍රසාදයට පත්ව තිබෙන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

ජනපතිගේ උත්තරය

මේ සියල්ල සාවදානව අසා සිටි ජනපතිවරයා අවසානයේ ඒ විශේෂ කරුණක් සඳහන් කර තිබෙනවා.

"හැමදේම මගේ පිට පවරන්න එපා.ඇමති මණ්ඩලයත් ඒකට වගකිව යුතුයි.අපි දුන් පොරොන්දු තවම ඉටු කරලා නැහැ."

ජනපතිවරයා බඩු මිල ගැන කැබිනට් මණ්ඩලයට දුන් පිළිතුර එයයි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 05 December 2021 10:38

Related items