May 06, 2024

පොදු අපේක්ෂක රොත්තක් : දැනට නම් දෙකක් එළියට

December 05, 2021

2024 ජනපතිවරණය ඉලක්ක කොට මේ වන විට සැලසුම් සකස් වෙමින් තිබෙනවා.

එහිදී රාජපක්ෂ කඳවුරෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට එරෙහිව පොදු අපේක්ෂකයා වීමේ බලාපොරොත්තු බොහෝ දේශපාලඥයන් තුළ මෙන්ම ව්‍යාපාරිකයන් තුළද තිබෙන බව ප්‍රකට කරුණක්.

දැනට දෙදෙනයි

මේ වන විට ඒ අතරින් දෙදෙනෙකු ගේ නම් ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

ඉන් එක් අයෙක් වන්නේ හිටපු අමාත්‍යවරයකු වූ අර්ජුන රණතුංග මහතායි.

ඔහු මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා සිටින්නේ.

මහනුවරදී කළ ප්‍රකාශය

එ.ජා.පයෙන් ඉවත් වීමෙන් පසු ඔහු මහනුවරට ගියේ අස්ගිරි - මල්වතු මහ නාහිමියන් බැහැ දැක ඉදිරි දේශපාලන ගමනට ආශිර්වාදය ලබා ගැනීම සඳහා.

මහ නාහිමියන් බැහැදැකීමෙන් පසුව මාධ්‍ය අමතා සඳහන් කළේ 2024 පොදු අපේක්ෂකයා වීමේ බලාපොරොත්තුවක් තමන් තුළ තිබෙන බවයි.

ප්‍රකට ව්‍යාපාරිකයා

ඒ හැරුණු කොට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ ධම්මික පෙරේරා මහතාද 2024 පොදු අපේක්ෂකයා වීමේ බලාපොරොත්තුවෙන් සිටින බවට කසු කුසුවක් තිබෙනවා.

ඔහු 2019 ජනාධිපතිවරණයේදීද පොදු අපේක්ෂකත්වය බලාපොරොත්තු වූ අයගෙන් කෙනෙක්.

එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඔහුටද එම ජනපතිවරණයේදී පොදු අපේක්ෂකත්වය ලබා දෙන බවට ප්‍රකාශ කර තිබූ බවටත් මත පළ වූවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 06 December 2021 09:39

Related items