May 18, 2024

20 වැනිදා ජාතික ජන බලවේගයෙන් ලොකු වැඩක් Featured

December 05, 2021

අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දරන ජාතික ජන බලවේගය එළැඹෙන 20 වැනි දින විශේෂ සමුළුවක් සූදානම් කර තිබෙනවා.

ඒ 2024 ජනාධිපතිවරණය ඉලක්ක කොට ජාතික ජන බලවේගය යළිත් පුළුල්ව සමාජගත කිරීම සඳහායි.

නායකත්ව මණ්ඩලය

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ පවතින ජනප්‍රසාදය මුල් කොටගෙන නායකත්ව මණ්ඩලයක්ද එහිදී පත්කර ගැනීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ හැරුණුකොට කැපකිරීම් කළ හැකි පක්ෂ සමඟද ඉදිරියේදී කටයුතු කිරීමටද ජාතික ජන බලවේගය තීරණය කර තිබෙනවා.

පොදු අපේක්ෂකයා

එලැඹෙන ජනපතිවරණයේදී ජාතික ජන වේගය නියෝජනය කරමින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද එහි අවධානය යොමුව තිබෙන බවත් දැනගන්නට තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ මුල් වූ පක්ෂ හා සිවිල් සංවිධාන 27කින් පමණ ජාතික ජන බලවේගය සමන්විතයි.

Rate this item
(6 votes)
Last modified on Sunday, 05 December 2021 10:30

Related items