May 11, 2024

අපිට ගුටි කන්න බැහැ: අපි යනවා - ආරක්ෂාව දුන්න දවසට එන්නම්: සජිත් පිල යන්න කලින් කියයි (VIDEO)

December 04, 2021

සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු අය - වැය විවාද වලට සහභාගි නොවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඊයේ (3) මනුෂ නානයක්කාර මන්ත්‍රීවරයා තවත් විනාඩි 5ක් කතා කිරීමට ඉල්ලීමේදී ඔහුට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තල්ලු කර පහර දීමට තැත් කළ බව කිරිඇල්ල මහතා සඳහන් කළා.

ආරක්ෂාව ප්‍රශ්නයක්

එහෙත් ඒ සියල්ල පසෙක තබා අද (4) පාර්ලිමේන්තු අය - වැය විවාද වලට සහභාගි වීමට තීරණය කළ මුත් අදද නානයක්කාර මන්ත්‍රීවරයාට පහරදීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පැමිණි බවයි කිරිඇල්ල මහතා සඳහන් කළේ.

එසේ පැමිණි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 15 දෙනකු පමණ විපක්ෂ ලොබියෙන් ඇතුල් වී නානයක්කාර මන්ත්‍රීවරයාට පහර දීමට තැත් කළ බවත් සඳහන් කළ කිරිඇල්ල මහතා එසේ විපක්ෂයේ ලොබිය පැත්තෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට පැමිණීමට නොහැකි බවත් පෙන්වා දුන්නා.

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලීම

කිරිඇල්ල මහතා මේ අදහස් පළ කළේ සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි ප්‍රකාශ කරමින් සභාවෙන් ඉවත් වීමට පෙරයි.

කිරිඇල්ල මහතා එම ප්‍රකාශය කරද්දී ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන්ද ඊට එරෙහිව ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ සභා ගැබෙන් ඉවත් වීමට ගත් තීන්දුව අසාධාරණ තීන්දුවක් බවයි.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Saturday, 04 December 2021 20:34