May 02, 2024

ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි කියමින් සජිත් පිල පාර්ලිමේන්තුවෙන් ඉවතට

December 04, 2021

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අද (4) පාර්ලිමේන්තුවෙන් දහවල් කාලයේදී ඉවත්ව ගියා.

ඒ පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි කියමින්.

ගේට්ටුව අසල උද්ඝෝෂණයක

එසේ ගිය මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ගේට්ටුව අසල තැනක උද්ඝෝෂණයක නියැලෙන බවයි වාර්තා වන්නේ.

මේ විවාද ආණ්ඩුවේ විවාද නොව විපක්ෂයේ විවාදයක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ තවත් පණිවිඩයක්ද හෙළිදරව් කරමින්.

ඒ අයගේ පිස්සු වැඩ

පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගිය සමගි ජන බලවේග පිරිස පාර්ලිමේන්තු ගේට්ටුව අසල උද්ඝෝෂණයකට සැරසෙන බව එතැන සිටින ඒ කණ්ඩායමේ මන්ත්‍රීවරයකු තමන්ට දුරකථන ඇමතුමක් දී දැනුම් දුන් බවත් මේවා මනුෂ නානයක්කාරලාගේ පිස්සු වැඩ බවත් ප්‍රකාශ කළ බවත් සඳහන් කළා.

එහිදී පාර්ලිමේන්තුවේ රැඳී සිටි විපක්ෂයේ අනිකුත් පක්ෂ වන දෙමළ ජාතික සන්ධාන හා ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ස්තුතියද පළ කළා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 04 December 2021 15:14