May 11, 2024

කැබ් රථයක් දුම්රියේ ගැටෙයි - අයෙක් මරුට (PHOTOS)

December 04, 2021

යාපනය කොඩිකාමම් පොලිස් වසමේ තවසිකුලම් ප්‍රදේශයේදී ඊයේ (03) සවස දුම්රිය හරස් මාර්ගයකදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදු වූ අනතුරින් කැබ් රථ රියදුරු මිය ගොස් ඇතැයි පොලීසිය පැවසුවා.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ සීග්‍රගාමි දුම්රියට ඊයේ සවස තවසිකුලම් ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී මෙලෙස කැබ් රථයක් ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

එහිදී කැබ් රථයේ රියදුරු විසින් දුම්රිය හරස් මාර්ගයේදී අනතුරු සංඥා දැල්ව තිබියදී කැබ් රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සහ ගනිද්දි මෙලෙස දුම්රියේ ගැටුණු බවට අසල්වාසීන් විසින් පොලීසියට පවසා තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ කැබ්රථ රියදුරු චාවකච්චේරි රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ තවසිකුලම් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තිදරු පියෙකු වූ සූසෙයිනාදන් ප්‍රදීපන් නැමැත්තෙක්.

අනතුරින් කැබ් රථයටද බරපතල හානි සිදුව තිබූ අතර කැබ්රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය පැදිවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි සැකපල කරන බවටද පරික්ෂණ සිදු කරන කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)