May 18, 2024

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කොරෝනා පොකුරක්

December 03, 2021

කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්‍යලයේ නිළධාරින්  25 දෙනෙකුට කොරෝනා ආසාදිතව ඇතැයි වාර්තා වෙනවා.

මෙම කාර්‍යාලයේ නිලධාරීන් 47 දෙනෙකුට පසුගිය 30 වනදා සිදු කරන ලද පී.සි.ආර් අතුරින් 17 දෙනෙකු කොරෝනා ආසාදිත බව තහවුරු වු බව කහවත්ත වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කපිල කුමාර මහතා පැවසුවා.

මෙම රාජ්‍ය නිලධාරීන්ගේ පවුල්වල පිරිසක්ද මේ වන විට කොරෝනා ආසාදිතයින් බව වාර්තා වී තිබෙනවා.

කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්‍යලයේ තවත් නිලධාරීන් පිරිසකගේ පී.සී.ආර් පරික්ෂණ හෙට සිදු කිරිමට නියමිතයි. කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්‍යලයේ ආයතනක්ෂේත්‍රගිණුම්සංවර්ධන ආදි අංශ කිපයක නිලධාරීන්ටයි මෙලෙස කොරෝනා ආසාදනය වී තිබෙන්නේ.   

(කහවත්ත - ලසන්ත නිරෝෂණ පෙරේරා)                      

Rate this item
(0 votes)