May 02, 2024

ගෑස් පිපිරීම් ගැන සෙවූ කමිටු වාර්තාවක් එළියට - ජනතාවට දුන් නිර්දේශ මෙන්න

December 02, 2021

ගෑස් අනතුරු වළක්වා ගැනීමට ක්ෂණිකව ගතයුතු පියවර ගැන ජනතාවට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව විසින් එම දැනුම්දීම සිදුකර තිබෙනවා.

එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා පෙන්වා දෙන්නේ 'පළමුව ආරක්ෂාව' යටතේ එම පියවර ගතයුතු බවය.

ඉන් පෙන්වා දෙන්නේ ගෑස් සම්බන්ධ යම් අනතුරක් නිරීක්ෂණය වන්නේ නම් හෝ සිදුවුවහොත් ගෑස් අලෙවි නියෝජිතයාට, ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පත්කර ඇති විශේෂ ජනාධිපති කමිටුවට ඒ බව දැනුම්දෙන ලෙසය.

එම කමිටුවේ දුරකථන අංක වන්නේ,

0115 811 927
0115 811 929 

සිදුවන අනතුරු අවම කිරීමේ ක්ෂණික පියවරක් ලෙස ඔබගේ ගෑස් සිලින්ඩරයට භාවිත කරන රෙගියුලේටරය, ගෑස් සැපයුම් නළය නිසි ප්‍රමිතියකින් හා ගෑස් ලිප නිසි ක්‍රියාකාරිත්වයකින් යුතු උපාංගවලින් සමන්විත බවට තහවුරු කරගන්නා ලෙසද දැනුම් දී තිබෙනවා.

එම සම්පූර්ණ වාර්තාව පහතින්,

Rate this item
(0 votes)