May 02, 2024

නව විභාග කොමසාරිස් ජනරාල්වරයෙක්

November 26, 2021

නව විභාග කොමසාරිස් ජනරාල්වරයා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී ධර්මසේන මහතා පත්කිරීමට නියමිතව තිබෙනවා.

එම ධුරයේ කටයුතු කළ බී. සනත් පූජිත මහතා අද (26) දිනයේ විශ්‍රාම යාම හේතුවෙන් එම පත්කිරීම සිදුකර ඇති බව වාර්තා වෙනවා.

ඒ  අනුව එල්.එම්.ඩී ධර්මසේන මහතා ඉදිරි සතියේදී විභාග කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ භාරගැනීමට නියමිතව තිබෙනවා.

සනත් පූජිත මහතා  2017 වසරේ නොවැම්බර් මාසයේ සිට එම ධුරයේ කටයුතු කළා.

Rate this item
(0 votes)