May 02, 2024

නිවසේ සිට විභාග සහතික ගන්නේ මෙහෙමයි

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පැමිණීමෙන් තොරව විභාග සහතික පත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදයක් විභාග දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙතින් හෝ නිල ජංගම දුරකථන යෙදවුම වන (Mobil Application) වන DoE වෙත පිවිස මෙම සහතික පත් ලබාගත හැකි බව විභාග කොමසාරිස් සනත් පූජිත මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

2001 වසරවල හා ඉන්පසු වර්ෂවල අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවල සහතිකපත් ලබාගැනීම සඳහා මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ අයදුම් කළ හැකි අතර ඊට පෙර වසරවල සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග මෙන්ම ධර්මාචාර්ය, මූලික පිරිවෙන්, සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාග (GIT) වල සහතික පත් ලබාගැනීමට විද්‍යුත් තැපෑල (e mail) ඔස්සේ අයදුම් කළ හැකිය.

එමෙන්ම සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග සඳහා විභාග අංක ලබාගැනීමට ද විද්‍යුත් තැපෑල ඔස්සේ අයදුම් කළ හැකි අතර එම විභාගවල අකුරක හෝ දෙකක දෝෂ සහිත නාම සංශෝධනය සඳහා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් තැපෑල ඔස්සේ අයදුම් කළ හැකි අතර සම්මුඛ පරීක්‍ෂණ සඳහා ඉදිරිපත් කිරීමට හෝ වෙනත් හදිසි අවශ්‍යතා සඳහා 2001 හා ඊට පසු වසරවල ප්‍රතිඵල සටහනක් රුපියල් 200ක මුදලක් ගෙවා මාර්ගගත ක්‍රමය ඔස්සේ බාගත කරගැනීමට මෙන්ම එම ප්‍රතිඵල සටහනක නිරවද්‍යතාවය නොමිලේ මාර්ගගතව තහවුරු කරගැනීමේ පහසුකම් ද සපයා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 October 2021 09:13