May 02, 2024

උසස් පෙළ අයදුම්පත් කැඳවීම දීර්ඝ කරයි - ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දිනය ගැනත් තීරණයක්

November 10, 2021

උසස් පෙළ විභාගය සඳහා අයැදුම්පත් කැඳවීමේ අවසන් දිනය මෙම මස 20 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රවේශ අවම ඉසෙඩ් ලකුණු නිකුත් කිරීමෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වූ සිසුන් විශාල පිරිසක් යළි විභාගයට පෙනී සිටීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි කළ ඉල්ලීම් හේතුවෙන් මෙම පියවර ගත් බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිස අයැදුම් පත් යොමු කළ යුතු බවත් එහි සඳහන් වෙනවා.

මේ අතර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බර් මස පළමු වැනිදා සිට එකොළොස් වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Rate this item
(0 votes)