May 02, 2024

සරසවි ඇරඹෙයි - උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල එයි

December 30, 2021

2020 වසර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අදාළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා රජයේ විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ප්‍රතිඵල ලබාගත හැකි යි.

ප්‍රතිඵල සඳහා පහත යොමුවෙන් ඇතුළු වන්න

ප්‍රතිඵල සඳහා මෙය ක්ලික් කරන්න

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව දේශන, විභාග ඇතුළු ඕනෑම කටයුත්තක් සඳහා අදාළ ධාරිතාවයෙන් සියයට 50ක් වන පරිදි සිසුන් විශ්වවිද්‍යාල වෙත කැඳවීමට තීරණය කර තිබෙනවා.

මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල වෙත වැඩිදුර උපදෙස් ලබා දී තිබෙනවා.

Rate this item
(0 votes)