May 02, 2024

උසස් පෙළට සහ පහේ ශිෂ්‍යත්වයට දින නියම කරයි

මෙම වසරේ අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ අ.පො.ස. උසස් පෙළ සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සඳහා දින නියම වී තිබෙනවා.

ඒ අනුව උසස් පෙළ විභාගය මෙම වසරේ නොවැම්බර් මස 15 වන දින සිට දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වීමට යි සැළසුම් යොදා ඇත්තේ.

එමෙන්ම 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 වැනි ඉරිදා පැවැත්වෙන බව සඳහන්.

අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ද මේ බව තහවුරු කළා.

Rate this item
(0 votes)
Last modified on Monday, 19 July 2021 11:30