May 02, 2024

සාපෙළ ප්‍රතිඵල ගැන ගැටළුවක්

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් ගැටළුවකට මුහුණ දී සිටින බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසා ඇත්තේ පවතින තත්ත්වය මත ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බවයි.

මේ අතර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය තුළ විවිධාකාර ප්‍රචාරයන් ව්‍යාප්තවන බව ද ඒවා අසත්‍ය බව ද පවසන විභාග කොමසාරිස්වරයා අනාවරණය කරන්නේ  ප්‍රතිඵල නිකුත් කිරීම කෙසේ වෙතත් ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමටවත් නොහැකි තත්ත්වයකට සිය දෙපාර්තමේන්තුව පත්ව ඇති බවයි.

කෙසේ නමුත් පාසල් යළි ආරම්භ කිරීමෙන් අනතුරුව එළඹෙන සතිය තුළ සාමාන්‍ය පෙළ විභාගයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසනවා.

පසුගිය මාර්තු මස පැවති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවෝ ලක්ෂ 06කට අධික පිරිසක් පෙනී සිටියා.

Rate this item
(5 votes)
Last modified on Monday, 24 May 2021 11:07