April 28, 2024

යුගදනවි පෙත්සම් විභාගයට දින නියම වෙයි

November 26, 2021

යුගදනවි බලාගාරයට එරෙහි පෙත්සම් අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ, නොවැම්බර් 29 වැනි දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

අදාළ පෙත්සම් අද (26) මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම දැනුම් දීම සිදු කෙරුණා.

අදාළ පෙත්සම් ලබන සඳුදා (29) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතයි.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද එම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් පෙනී සිටීම සඳහා පෞද්ගලික නීතිඥවරයෙකු ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක් වුණා.

ඒ අනුව උදය ගම්මන්පිල, විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරු වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීමක් නොකරන අතර ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටින බව අද අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව අදාළ පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ලබන සඳුදා කැඳවීමට නියමිතයි.

Rate this item
(0 votes)