May 03, 2024

"අඩෝ ගොට්ටා" - මූලාසන මන්ත්‍රීට තවත් නමක්

November 23, 2021

පාර්ලිමේන්තුවේ මුලසුනේ සිටි සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයාව "අඩෝ ගොට්ටා" ලෙස සමගි ජන බලයක මන්ත්‍රීවරුන් හැඳින්වූවා.

ඒ සමගි ජන බලවේගය නියෝජනය කරන මනුෂ නානයක්කාර මහතාගේ කතාව මුලසුනේ සිටි එදිරිමාන්න මන්ත්‍රීවරයා විසින් නතර කිරීම මුල් කොටගෙන.

අතරමඟ ඇනහිටි කතාව

නානයක්කාර මන්ත්‍රීවරයා ආණ්ඩුව විවේචනය කරමින් කතාවක් කරමින් සිටි අතරතුර ඔහුගේ කතාව අවසන් කිරීමට නොදී කාලය අවසන් බව දන්වමින් ඔහුගේ මයික්‍රෆෝනය නිහඬ කර ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට කතා කිරීමට මුලසුනේ සිටි එදිරිමාන්න මන්ත්‍රීවරයා අවස්ථාව ලබා දුන්නා.

ඒ සමගම ඊට එරෙහිව සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් කෑකෝ ගසමින් විරෝධය දැක්වූවා.

ඉන් පසු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විනාඩියක කාලයක් ලබා දුන් අතර එහිදී නානයක්කාර මහතා සිය කතාව අවසන් කරනවා වෙනුවට වෙනත් හෙළිදරව්වක් කළා.

ෆයිල් උස්සන මන්ත්‍රී

ඒ පාර්ලිමේන්තු ගේට්ටුව අසලට ගොස් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගේ ෆයිල් උස්සගෙන එමින් අමාත්‍යවරයාට කඩේ යන මන්ත්‍රීවරයකු පිළිබඳවයි.

නානයක්කාර මන්ත්‍රීවරයා නම නොකියා එසේ විවේචනය කළේ මූලාසනයේ සිටි එදිරිමාන්න මන්ත්‍රීවරයා බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සංජීව එදිරිමාන්න මන්ත්‍රීවරයා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරයෙක්.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 23 November 2021 13:00

Related items