April 28, 2024

අය - වැය ඡන්දෙට පොල්ල තියපු ආණ්ඩුවේ හය එළියට : තුනක් කලින් කියලා - එකක් මග හිර වෙලා

November 22, 2021

2022 අය - වැය දෙවන වර කියවීමේ විසර්ජන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 153 ක් ලැබුණා.විරුද්ධව ලැබුණේ  ඡන්ද 60 යි.

මග හැරි ගාන 

එහෙත් ඊට ඡන්දය දීම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකු විසින් මග හැර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් තිදෙනෙකු තමන්ට අය - වැය ඡන්දයට පැමිණීමට නොහැකි බව කල්තියාම දැනුම් දී තිබෙනවා.

ඒ ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා සහ සමන්ප්‍රිය හේරත් හා ටිරාන් අලස් යන මන්ත්‍රීවරු.

දැනුම් නොදී මග හැරීම

තවත් තිදෙනකු කලින් දැනුම් දීමක් නොමැතිවම අය - වැයට ඡන්දය ප්‍රකාශ කිරීම මග හැර තිබුණා.

ඒ විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා සහ ආචාර්ය විජේදාස රාජපක්ෂ හා තවුෆික් යන මන්ත්‍රීවරුන්.

ඒ අතුරින් විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා අය වැයට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි දැනගන්නට තිබෙන්නේ.

ඊට හේතුව ලෙස ඔහු සදහන් කර තිබෙන්නේ අධික වාහන තදබදයකට තමන් සිර වූ බවයි.

ස්වාධීන මතයක පිහිටා

ආචාර්ය විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ආණ්ඩුව සමග යම් ගැටුමක නිරතව සිටින අතර ඔහු බොහෝ විට ක්‍රියාකරන්නේ ස්වාධීන මතයක පිහිටා තම අභිමතය පරිදි.

එහෙත් තවුෆික් මන්ත්‍රීවරයා අය වැයට ඡන්දය දීමට නොපැමිණි හේතුව තවමත් අනාවරණය වී නැහැ.

මෙම මන්ත්‍රීවරුන් 6 දෙනාම සෘජුවම පොදුජන පෙරමුණ නියෝජනය කරන්නන්.

Rate this item
(9 votes)
Last modified on Tuesday, 23 November 2021 13:01