May 18, 2024

කොවිඩ් අවදානම වැඩිවෙයි - තවත් ඩෙල්ටා උප ප්‍රභේදයක් මතුවෙයි

November 19, 2021

කොවිඩ් ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ තවත් අනු ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති අණුක සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් සටහනක් තබමින් මේ බව සඳහන් කළා.

එය බී 1 යි 617 යි 2 යි 104 ලෙස නම් කර ඇති බවයි ඔහු පවසන්නේ.

කෙසේවෙතත් මේ දක්වා ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වූ ඩෙල්ටා අනු ප්‍රභේදය නම් කර තිබුණේ බී 1 යි 617 යි 2 යි 28 ලෙසයි.

මේ අතර කොවිඩ් වසංගතය මර්දනය සඳහා ගත යුතු සෑම පියවරක්ම රජය විසින් මේ වනවිටත් අනුගමනය කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

මින් ඉදිරියට ඇත්තේ ජනතාව සිය වගකීම් නිසි පරිදි ඉටු කිරීම බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශ වල කොවිඩ් පොකුරු ඇතිවීමේ ප්‍රවණතාවක් දැකගත හැකි බවයි සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ.

රටේ කොවිඩ්  ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇතැයි  කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මේ තත්ත්වය නිසා ජනතාව මේ මොහොතේදී අයුතු ලෙස ඒකරාශීවීමෙන්  වැළකී  බුද්ධිමත්ව  කටයුතු කිරීම වැදගත් බවයි  වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරන්නේ

රෝහල්වලට  දැනට ඇතුළත් කරනු ලැබ සිටින රෝගීන් සංඛ්‍යාව  7010 ක් බවත් ,රෝහල්වල දැනට ඔක්සිජන් මත යැපෙන රෝගීන්  105 ක් සිටින අතර දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 55 ක් බවත් හම්දානි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා

Rate this item
(0 votes)
Last modified on Friday, 19 November 2021 15:24