නව පරපුරේ ගායිකා යොහානි දිලෝකා ද සිල්වා මෙනවිය ඇගයීම සඳහා වන වැඩසටහනක් ලබන 23 වනදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
එය සංවිධානය කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයි.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් -19 නිවාරණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් සහභාගිවීමට නියමිතයි.
එම වැඩසටහන පූර්ණ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
යොහානි දිලෝකා ද සිල්වා මෙනවිය විසින් ප්‍රතිගායනා කරනු ලැබූ "මැණිකේ මගේ හිතේ" ගීතය මේ වන විට දේශීය හා විදේශීය වශයෙන් ජනාදරයට පත්ව තිබෙනවා.