May 19, 2024

යොහානිගේ ගීතයෙන් පසු කඨින පෙරහැර ගැනත් තීන්දුවක්

November 06, 2021

කඨින පූජෝත්සවවලදී සහ වෙනත් ආගමික උත්සවවලදී ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් වාදනය කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා.

ආගමික ස්ථානවල පූජනීයත්වය ආරක්ෂා වන ආකාරයට කටයුතු කරන්නැයිද  උපදෙස් දී තිබෙනවා.

ඇතැම් කඨින උත්සවලදී ආගමික උත්සවවලට උචිත නැති ගීත වාදනය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලින් විවිධ විවේචන එල්ල වීම සැලකිල්ලට ගෙන අමාත්‍යාංශය මෙම දැනුම්දීම කර තිබෙනවා.

එසේම කඨින පූජෝත්සව සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගතව පැවැත්විය යුතු බවද අමාත්‍යාංශය දැනුම් දෙනවා.

පූජනීය ස්ථානවල භක්ති ගීත ප්‍රචාරය කිරීමේ දී හා පෙරහැර සංවිධානය කිරීමේ දී වර්තමානයේ පවතින ජනප්‍රිය ගීත නොව ආගමික පසුබිමක් පවතින, ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් භාවිත කරමින් ආගමික ස්ථානයේ පූජනීයත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවද අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 06 November 2021 11:37