May 19, 2024

"මම ඒ පෝස්ට් එක දිහා හැරිලා වත් බැලුවේ නැහැ" - යොහානි කියපු අමුතු කතාව

November 13, 2021

යොහානි ද සිල්වා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ජාත්‍යන්තරයට ඔසවා  තැබූ ගායිකාවක් කිව්වොත් එය නිවැරැදියි. සංගීත ක්ෂේත්‍රය තුළ මෙතෙක් සාර්ථකව කාටවත් කරන්නට බැරිවූ ජාත්‍යන්තරය අතික්‍රමණය කළ මේ පුංචි කෙල්ල දෙස් විදෙස් සියලුම දෙනා  ආදරය කරන චරිතයක් බවට පත්වෙලා.

ඇය විසින් ගායනා කරපු මැනිකේ මගේ හිතේ ගීතය නිසා තමයි යොහානි මේ විදිහට ජාත්‍යන්තරය දැන කියාගන්න චරිතයක් බවට පත්වුණේ. මේ ගීතය නිසාම ඇයට ඉන්දියාවට යන්න වාසනාව ලැබුණා. එ ඉන්දියා සංචාරය තුළදී  ඇයට බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ ඉන්දීය නළු නිළියන් රැසක් හමු වෙන්නත් වාසනාව ලැබුණා.

නැවත වතාවක් ලංකාවට පැමිණෙන ඇය පසුගිය දිනක youtube මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙමින් ජීවිතයේ ඉදිරි වැඩ කටයුතු  පිළිබඳව සඳහනක් කළා. ඒ අතරින් මේ දවස් වල නිකුත් කිරීමට නියමිතයි යොහානි විසින් ගායනා කරන ඉංග්‍රීසි ගීතය පිළිබඳ වත් ඇය කතා කළා. මේ ගීතය තුළ සිංහල රැප් එකක් අන්තර්ගත වී තිබීම විශේෂත්වයක්.

ඉතින් මේ පුංචි කෙල්ල ඕස්ට්‍රේලියාව අතහැරලා ලංකාවට ආපු ඒ ගමන අපතේ ගිය ගමනක් වෙන්න ඉඩ නොදී මේ වන විට තමන්ගේ ජීවිතය සාර්ථක කර  ගනිමින් ඉදිරියෙන්ම සිටිනවා. පසුගිය දිනක සමාජ මාධ්‍ය වල එක්තරා පෝස්ට් එකක් නිර්මාණය කරලා තිබ්බා යොහානි  ඉන්දියාවේ අති දක්ෂ සංගීතඥයෙක් වන  රහුමාන්ටත් වඩා වැඩි subscribers ලා සංඛ්‍යාවක් ලබා යූටියුබ් මාධ්‍ය ඔස්සේ ඉදිරියට ගියා කියලා.

ඉතින් යොහානි සඳහන් කළේ ඒ පිළිබඳව මෙහෙම අදහසක්. රහුමාන් කියන්නේ legend කෙනෙක්. Subscribers ලා වැඩි වුණා කියලා ඒක එහෙම මනින්න බැහැ. මම ඒ පෝස්ට් එක දිහා හැරිලා වත් බැලුවේ නැහැ. මේ නිහතමානී ගායිකාව ඒ විදිහට තමයි ඒ සම්බන්ධයෙන් පිළිතුරු දුන්නේ.

රහුමාන් කියන ඉන්දියාවේ අති දක්ෂ සංගීතවේදියාට ඇය කිසිසේත් සම කරන්නට බැහැ කියලා යොහානි මේ අවස්ථාවේ සඳහන් කළා. ඔවුහු ඇයටත් වඩා සෑහෙන්න ඉදිරියෙන් සිටින legend කියන චරිතයෙන් හඳුන්වන්න පුළුවන් කෙනෙක් කියලත් ඇය සඳහන් කළා.

ඉතින් ඉදිරියේදී ඇය විසින්  කිරීමට බලාපොරොත්තු වන සියළුම වැඩකටයුතු ඒ අයුරින්ම ඉෂ්ට කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා මේ පුංචි නිහතමානී ගායිකාවට අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

Rate this item
(0 votes)