May 04, 2024

සඳහිරු සෑය උත්සවයේදී කොවිඩ් සිල් අරගෙනද හිටියේ? මන්ත්‍රීවරිය ප්‍රශ්න කරයි!

November 19, 2021

සඳහිරු සෑය උත්සවයේදී කොවිඩ් පොකුරු හැදෙන්නේ නැද්දැයි සමගි ජන බලවේගය නියෝජනය කරන රෝහිනී විජේරත්න මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

එතන ලොකු සෙනගක් සිටිය බවත් එතන සිටි අයට කොවිඩ් තිබුණා නම් අනිත් අයට කොවිඩ් හැදෙන්නේ නැත්තේ එතනදි කොවිඩ් වෛරස් එක සිල් අරගෙන සිටියාදැයි යන්නත් මන්ත්‍රීවරිය ප්‍රශ්න කරනවා.

උද්ඝෝෂණයට බාධා

මන්ත්‍රීවරිය එසේ ප්‍රශ්න කළේ සමගි ජන බලවේගය ඉකුත් 16 වැනිදා කොළඹ දී පැවැත් වූ උද්ඝෝෂණය නිසා කොවිඩ් වසංගතය පැතිරෙනු ඇතැයි යන්න සදහන් කරමින් ආණ්ඩුව එය මර්දනය කිරීමට කටයුතු කළ ආකාරය පෙන්වා දෙමින්.

රටේ දේශ සීමා නිදහස ආරක්ෂා වී තිබෙනවා දැයි යන්න ද ප්‍රශ්න කළ මන්ත්‍රීවරිය චීන අසූචි නැව රට වටේ කැරකෙන බව සදහන් කළා.

අද ලැබෙන තීන්දුව

අද (19) මේ සම්බන්ධයෙන් උසාවියේ දී බෙරුම්කරනයකට ආණ්ඩුව එකඟ වීමට සූදානමින් සිටින බව හෙළි කරන මන්ත්‍රීවරිය අසූචි නම් අසූචි තමයි ඒකෙ බේරගන්න තියෙන්නේ කුමක්දැයි න්නත් ප්‍රශ්න කරනවා.

එහිදී සිදුවන පාඩුව පොහොර ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් අය කර ගන්නා ලෙසත් මන්ත්‍රිවරිය ඉල්ලා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Friday, 19 November 2021 11:07