May 12, 2024

එයාට මාව නැතුවම බැහැ : හැම තිස්සෙම හොයනවා - බැසිල්ගෙන් රාජිතට පණිවිඩයක්

November 18, 2021

"මම පොඩ්ඩකට කොහෙට හරි ගියොත් කිරිඇල්ල අහනවා මම කෝ කියලා."

මෙහෙම කියන්නේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා.

උත්සවයේදී කියූ කතාව

ඔහු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන කිරිඇල්ල මහතා ගැන මේ කතාව කිව්වේ තවත් සමගි ජන බලවේග මන්ත්‍රීවරයෙක් එක්ක.

ඒ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාද වන වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සමඟ.

මුදල් ඇමතිවරයා මේ නෝක්කාඩුව සේනාරත්න මහතාට කිව්වේ දෙදෙනාම එක් වූ උත්සවයකදී.

ඒ බණ්ඩාරගම රයිගම් ප්‍රදේශයේ වෛද්‍ය උපකරණ නිෂ්පාදනාගාරයක් විවෘත කිරීමේ උත්සව අවස්ථාවේදී.

මුදල් ඇමති හොයන විපක්ෂය

මේ දිනවල පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අය - වැය විවාදයේදී එම අය - වැය ඉදිරිපත් කළ බැසිල් රාජපක්ෂ මහතා සභාවේ නොසිටීම සම්බන්ධයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී කිහිප වතාවක් ප්‍රශ්න කළා.

ඒ තමන්ට තිබෙන ප්‍රශ්න මුදල් අමාත්‍යවරයාගෙන් අසා නිරාකරණය කර ගැනීම සඳහා බවයි එම පාර්ශව පවසන්නේ.

සමගි ජන බලවේග බැසිල් රාජපක්ෂ මහතාව නිරන්තරයෙන්ම සෙවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙන්ම අනිකුත් නියෝජිතයන්ද පිළිතුරු දී තිබෙනවා.

ඒ මුදල් අමාත්‍යවරයාගෙන් ඇසීමට අවශ්‍ය ප්‍රශ්නයක් තිබේ නම් එය අසන ලෙසත් ඊට පිළිතුරු දීමට ආණ්ඩුවේ ඇමතිවරුන් සූදානම් බවටයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 19 November 2021 15:07