May 11, 2024

නාය යෑමේ තර්ජන ඇති මාර්ග වහාම පරීක්ෂා කරන්න - ඇමති ජොන්ස්ටන්ගෙන් නියෝගයක්

November 18, 2021

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල නාය යෑමේ තර්ජනයක් ඇති මහාමාර්ග හා මාර්ග පිළිබද විධිමත් පරික්ෂණ හා නිරීක්ෂණ සිදු කරන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්.ආර් ප්‍රේමසිරි මහතාට, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතළුවගේ මහතා‌ට හා අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතාට උපදෙස් ලබා දී ඇතැයි එම අමාත්‍යාංශය පවසනවා.

සමහර මාර්ග ඉදි කර වසර ගණනාවක් ගතවී ඇතත් මෙසේ නාය යෑමේ තර්ජන ඇති ප්‍රදේශවල ඇති මාර්ග පිලිබද නිසි අධ්‍යනයක් කර නැති බවට තොරතුරු තමා වෙත ලැබී ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හ‌ා විශේෂඥයින් යොදවාගෙන මෙම මාර්ග පිළිබදව සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 18 November 2021 18:12