May 11, 2024

දරුවන් තිදෙනා ගැන අධිකරණයෙන් නියෝගයක්

November 17, 2021

අතුරුදන් වීමෙන් අනතුරුව යළි නිවෙස්වලට පැමිණි බාලවයස්කාර දැරියන් තිදෙනා මනෝ වෛද්‍ය උපදේශකවරයෙකු හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කර තිබෙනවා.

අදාළ දැරියන් තිදෙනා සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් ලබා ගෙන එය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පොලීසියට නියම කර තිබෙනවා.

එම දැරියන් තිදෙනා සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී අපරාධමය වරදක් අනාවරණය නොවන බවට කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට දන්වා තිබෙනවා.

ඒ අනුව අදාළ නඩුව අවසන් කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා තීරණය කළා.

කෙසෙල්වත්ත පොලිස් වසමේ පදිංදිව සිටි එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු හා ඥාති සහෝදරියක අතුරුදන් වී ඇති බවට කෙසෙල්වත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබු අතර, ඊට අදාළ විමර්ශන සිදුවන අතුරතුර දී එම දැරියන් තිදෙනා යළි සිය නිවෙස්වලට පැමිණ සිටියා.

අතුරුදන් වූ වයස අවුරුදු 13ක් හා 15ක් වන දැරියන් තිදෙනා නිවසෙන් පැනගොස් තිබුණේ සංගීතය හා බටහිර නර්තනය පුහුණුවීමට සුදුසු ස්ථානයක් සොයා බව හෙළි වුණා.

පොලිසියට ප්‍රකාශයක් දුන් ඔවුන් පවසා ඇත්තේ, සංගීතයට හා බටහිර නර්තනයට දැඩි ඇල්මක් දැක්වූ තමන්ට මව්පියන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ඔවුන් එලෙස කළ බවයි. 

සබැඳි පුවත් :  අතුරුදහන් වූ දැරියන් තිදෙනා පිටුපස තිබූ ඇත්ත කතාව එළියට

                   කොළඹ දැරියන් 3ක් අතුරුදන්!

                   අතුරුදන් වූ දැරියන් තිදෙනා සොයාගනී

Rate this item
(0 votes)