May 07, 2024

"දේශපාලන සූදුවෙන් මේකට මුහුණ දෙන්න බෑ" නිහඩව සිටි විමල් මැතිසබේ දෙවනත් කරයි

November 17, 2021

මූණත් එක්ක තරහා වෙලා නහය කපා ගත යුතු නැති බවත් ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රතිවිරෝධයට මුළු මහත් සමාජයම කොවිඩ් වංසගත තත්වයට ඇඳ වැට්ටවීමේ ඉරණමකට ඇද දැමිය යුතු නැති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද(17) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

අපි ආණ්ඩුවේ අපාය සහයක මිත්‍රයෝ නොවන බවත් අපිට අවශ්‍ය ආණ්ඩුව නිසි මග රැගෙන යාම බවත් ආණ්ඩුවට ලැබුණු ජනවරමට පටහැනි දෙයක් සිදුවන විට බලාගෙන සිටිය නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නා.

"අපි පිලිගන්න ඕන පරණ දේශපාලන සූදුවෙන් මේකට මුහුණ දෙන්න බෑ. අපි හැමෝම පුරුදු වෙච්ච දේශපාලන සෙල්ලමක් තියෙනවා. ඒ දේශපාලන සෙල්ලම කරන්න කාලයක් තියෙනවා. අපි මුහුණ දීලා තියෙන්නේ එහෙම කාලයක නෙමෙයි" යැයි ඇමැතිවරයා ප්‍රකාශ කළා.

"මේ රටට සාධාරණය ඉටු කරන්න ඕන. රට මේ තීරණාත්මක තැනින් උඩට ගන්න ඕන. මේක වලපල්ලට ගියාම සතුටු වෙන්න නෙමේ අපි ඉන්නේ." යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවා.

ආණ්ඩුවට වැරදි පෙන්වමින් පසුගිය දිනවල චෝදනා කළ විමල් වීරවංශ ඇමැතිවරයා අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව ආරක්ෂා කරමින් කතා කිරීම විශේෂත්වයක්.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 17 November 2021 14:06