May 12, 2024

පාසල් සුද්ද කිරිම ගුරුවරුන්ට, දෙමව්පියන්ට, දරුවන්ට අයිති වගකීමක් නෙවෙයි - කේ.ඩී ලාල්කාන්ත Featured

November 17, 2021

කොවිඩ් වසංගතයෙන් නිසා වසා දමා තිබූ පාසල් දැන් යළිත් විවෘත කරමින් තිබෙන්නේ.

මේ නිසාම දෙමව්පියන්ට පාසැල් සුද්ධ පවිත්‍ර වීමටත් ඒවා නිරීක්ෂණය කිරීමට ගුරුවරුන්ටත් එන්න සිද්ධ වෙලා.

සුද්ද කිරිල්ලේ වගකීම

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන කේ.ඩී. ලාල් කාන්ත මහතා මේ සුද්ද කෙරිල්ලට දක්වන්නෙ දැඩි විරෝධයක්.

ඔහු සඳහන් කරන්නේ පාසැල් සුද්ද පවිත්‍ර කිරීම , ගුරුවරුන්ට , දෙමාපියන්ට , පාසල්වල ඉගෙන ගන් සිසු දරු දැරියන්ට අයත් වගකීමක් නොවන බවයි.

ගුරුවරුන්ගේ වගකීම ඉගැන්වීම බවත් පාසල සුද්ද පවිත්‍ර කර ඊට අවශ්‍ය පරිසරය සකස් කර දීමේ වගකීම ජාතික පාසලක් නම් මධ්‍යම ආණ්ඩුවටත් පළාත් සභා පාසලක් නම් පළාත් සභාවටත් පැවරී ඇති බවයි ලාල් කාන්ත මහතා සඳහන් කරන්නේ.

අනධ්‍යන කාර්ය මණ්ඩල

අනධ්‍යන කාර්ය මණ්ඩල සිටින්නේ ඒ සඳහා බව ඔහු අනාවරණය කරනවා.

එසේ නැතිනම් පාසල් සුද්ද කිරීමේ කොන්ත්‍රාත්තුව යම් සමාගමකට දීමේ වැරද්දක් නැති බවද ඔහු පෙන්වා දෙනවා.

දෙමාපියන්ට රැකියා කිරිම ආදි වෙන වැඩ තිබෙන බවත් එ නිසා පාසල් සුද්ද කිරීම දෙමව්පියන්ගේ වගකීමක් නොවන බවයි ලාල්කාන්ත මහතා අවධාරණය කරන්නේ.

පාසල් දරුවන්ට අතු ගැ ඉගැන්වීමට අවශ්‍ය නම් ඒ දේවල් ගෙවල් වල කර ගත හැකි බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා "මේ ඔබේ දරුවා යන පාසලයි.එය රැක ඔබගේ වගකීමයි" යන්න දෙමව්පියන් ඇන්දවීමට භාවිතා කරන පාඨයක් බව සඳහන් කරනවා.

කේ.ඩී.ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(11 votes)
Last modified on Wednesday, 17 November 2021 10:47

Related items