May 12, 2024

"අපි වැඩ කරන්නේ උපදෙස් අනුව" - ඇමැති වීරසේකර කියයි

November 16, 2021

රට තුළ ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවත් පොලිසිය නීතිය හා සාමය රැකීම සඳහා මෙන් ම මේ වන විට සෞඛ්‍ය බලධාරීන් විසින් පොලිසිය වෙත දන්වා ඇති උපදෙස් ක්‍රියාත්මක කිරීමක් සඳහාත් කටයුතු කරමින් සිටින බවත් අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

එබැවින් පොලිසිය වෙත දෝෂාරෝපණය නොකර යම් පැමිණිල්ලක් ඇතොත් එය යොමු කරන ලෙස ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඒ මහතා මෙසේ ද සඳහන් කළා,

“පොලිසිය තියෙන්නේ නීතිය හා සාමය රකින්න. නීතිය හා සාමය රකිනවා කියන්නේ සෞඛ්‍ය බලධාරීන් යම් කිසි උපදෙසක් දුන්නොත් යම් කිසි රැලියක් හෝ මොන යම් කටයුත්තකදී මේ වෛරසය පැතිරෙනවා කියලා. ඒකත් බලගන්වන්න වෙන්නේ පොලිසියට. පොලිසිය කරන්නේ නීතිගරුක දෙයක්. ඒකෙ යම් කිසි පැමිණිල්ලක් තියෙනවා නම් පැමිණිලි කරන්න. අපි ඒ ගැන විභාග කරන්නම්. ඒ වගේ ම ජාතික ආරක්ෂාව කියන එක අපි තහවුරු කරලා තියෙනවා.”

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 November 2021 15:20

Related items