May 11, 2024

ගෑස් ලොරිය ඉදිරියේ කාන්තාවක් බිම ඉඳගනී - පොලිසියත් කැඳවයි (VIDEO)

November 15, 2021

තමන්ට ගෑස් සිලින්ඩරයක් ලබා නොදුන් බව පවසමින් කාන්තාවක් ගෑස් ප්‍රවාහනය කරන ලොරි රථයක් ඉදිරිපිට බිම හිඳගනිමින් විරෝධතාවක නිරත වී තිබෙනවා.

වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේදී කාන්තාවක් මෙලෙස ගෑස් අලෙවි නියෝජිත ආයතනයක් ඉදිරිපිට විරෝධතාවක නිරතව තිබෙනවා.

අදාළ ගෑස් අලෙවි නියෝජිත ආයතනයේ හිමිකරු විසින් එම කාන්තාවට පවසා ඇත්තේ ඇනවුමට ප්‍රමාණවත් පරිදි ගෑස් නොපැමිණ ඇති බවයි.

පසුව එම කාන්තාව ගෑස් ප්‍රවාහනය කරන ලොරි රථය ඉදිරිපිට බිම හිඳගෙන විරෝධයේ නිරතව තිබෙනවා.

"මට ගෑස් දෙන්නේ නැත්නම් ලොරිය මගේ ඇඟ උඩින් ගියත් නැගිටින්නේ නෑ" කියමින් ලොරියේ මග හරස් කර බිම වාඩිවී පැයකට ආසන්න කාලයක් ඇය විරෝධතාවයේ නිතර වූවා.

ඇතිවූ උණුසුම් තත්ත්වයත් සමඟ අනතුරුව එම ස්ථානයට වාද්දුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පැමිණ තිබෙනවා.

එහිදී ගෑස් අලෙවි නියෝජිත ආයතනයේ හිමිකරු විසින් අදාළ කාන්තාවට ගෑස් සිලින්ඩරයක් ලබා දෙන බවට පොරොන්දු වීමත් සමඟ විරෝධය අවසන් කර ඇති බව සඳහන් වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 15 November 2021 21:32