May 13, 2024

සිමෙන්ති වැඩි මිලට අලෙවි කළොත් දැඩි දඬුවම්! Featured

මේ වන විට වෙළෙඳපොළ තුළ සිමෙන්ති මිල රුපියල් 1200 දක්වා ඉහළ දමා අලෙවි වන බවට වාර්තා වෙනවා.

සමහර ඉදිකිරීම් ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳුන් විසින් සිමෙන්ති පාරිභෝගිකයන්ට සීමා සහිතව අලෙවි කරන බවත් සඳහන් වෙනවා.

එමෙන්ම දැනට වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයක් නිර්මාණය වි ඇති අතර ඒ හේතුවෙන් මෙරට ඉදිකිරීමේ ක්ෂේත්‍රයද දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා.

සිමෙන්ති වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා මේ වන විට පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේ වැඩි මිලට සිමෙන්ති අලෙවි කොට හසු වුණොත් ඔවුනට එරෙහිව දැඩි නීතියම ක්‍රියාමාර්ග ගන්නා බවද පාරිභෝගික සේවා අධිකාරිය පවසා සිටිනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 26 October 2021 08:02