May 13, 2024

හානිදායක පොහොර රැගත් චීන නැවට කොළඹ වරායට ඇතුළු වීමට තහනමක්!

අර්විනියා නමැති බැක්ටිරියාව ඇති බවට අවස්ථා 02කදී තහවුරු වූ චීන කාබනික පොහොර රැගත් නෞකාවට කොළඹ වරායෙන් තහනමක් පනවා තිබෙනවා.

ඒ අනුව නෞකාවට වරාය තුළට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන ලෙස කොළඹ වරායේ සියලු අංශයන් වෙත නියෝගයක් නිකුත් කර ඇති බවට හාබර් මාස්ටර්වරයා පවසනවා.

ශාක නිරෝධායන සේවය විසින් කරන ලද දැනුම් දීමක් අනුව මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙම චීන නෞකාවේ මෙලෙස හානිදායක පොහොර යැයි සඳහන් පොහොර මෙක්ට්‍රික් ටොන් 20,000ක් පමණ ඇති බවද සඳහන් වෙනවා.

අදාළ නෞකාව තවමත් කොළඹ වරාය සීමාවට ඇතුළු වී නොමැති බවත්, නෞකාව පැමිණෙන බවද මෙතෙක් කිසිදු දැනුම් දීමක් කර නොමැති බවත් හාබර් මාස්ටර්වරයා විසින් පවසා තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 23 October 2021 13:31