May 19, 2024

ටියුෂන් ඇරඹෙන දිනය ගැනත් තීරණයක්

මෙරට ක්‍රියාත්මක වන උපකාරක පංති නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව ලබන නොවැම්බර් මස 01 වැනිදා සිට උපකාරක පන්ති පැවැත්වීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවසර ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව යමින් ළමුන් 100ට අඩු උපකාරක පංති පළමු අදියර යටතේ නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය විසින් මේ බව තහවුරු කර සිටියා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 23 October 2021 10:25