May 19, 2024

පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ඇරඹෙන දිනය ප්‍රකාශ කරයි

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කරන දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියේ සියලු ප්‍රාථමික ශ්‍රේණි ලබන ඔක්.25 වැනිදා සිට ආරම්භ කර බවයි.

පසුගිය 21 වැනිදා සිසුන් 200ට අඩු පාසල් විවෘත කිරීමටද රජය තීරණය කළා.

ගුරු වර්ජනය අවසන් කොට ගුරුවරුන් සේවයට පැමිණෙන බවද ප්‍රකාශ කොට ඇත්තේ ඔක්.25 වැනිදායි.

මේ වන විට අවුරුදු 16 - 19 අතර පසුවන සිසුන්ට එන්නත්කරණය ආරම්භ කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 October 2021 10:18