May 19, 2024

සරසවි සිසුන්ට සුබ පණිවිඩයක්! විශ්වවිද්‍යාල ඇරඹෙන දිනය ගැන කියයි

අද (26) දිනයෙන් පසුව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව ඕනෑම දිනයක විශ්ව විද්‍යාල නැවත ආරම්භ කිරීමට හැකියාව විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ට ලබාදී ඇති බවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, මේ වන විට විශ්වවිද්‍යාල ගොඩනැගිලි කිහිපයක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගෙන ඇති බවයි.

රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම ගොඩනැගිලි ද නිදහස් කළ පසුව ද විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට හැකියාව පවතින බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් පවසා සිටියා.

එහිදී සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ "මීට සති දෙකකට පෙර තමයි අපි එන්නත්කරණ වැඩපිළිවෙල අවසන් කළේ. ඒ නිසා මේ වන විට විශ්වවිද්‍යාලවල කණ්ඩායම් ආරම්භ කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ලබන සතියේ සිට හෝ උපකුලපතිවරුන්ට පීඨාධිපතිවරුන් සමඟ සාකච්ඡා කරලා, සනාථන සභාවල සාකච්ඡාවෙන් පස්සේ කුමන කණ්ඩායම ද ගේන්නේ කියලා ආරම්භ කරාට අපේ කිසිම විරුද්ධත්වයක් නෑ." යනුවෙනි.

හැකි ඉක්මණින් සිසුන් නැවත ගෙන්වා කොන්දේසිවලට යටත්ව අධ්‍යාපනය ලබාදෙන ලෙස කොමිෂන් සභාව උපකුලපතිවරුන්ගෙන් ඉල්ලීමක් කර බවද සභාපතිවරයා පවසා සිටියා.

විශ්වවිද්‍යාල නේවාසිකාගාර භාවිත කරනවා නම් අනිවාර්යෙන් ම එන්නත් දෙකම ලබාගෙන, දෙවැනි එන්නත ලබාගෙන සති දෙකක් ගතවිය යුතු බවට සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබාදුන් බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 October 2021 16:40