April 26, 2024

රටම බලාගෙන සිටි 21 වැනිදා ගැන ඇමති කියපු කතාව

ඊයේ (21) දිනය මෙරට බොහෝ දෙනෙකු අවධානයෙන් සිටි දිනයක් වුණා.

ඊට හේතුව වී තිබුණේ කොරෝනා වසංගතය හේතුවෙන් වසා තිබූ පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන් සහ ආණ්ඩුව අතර පවතින අර්බුදකාරී තත්ත්වයයි.

21 වැනිදා පාසල් විවෘත කර පෙන්වන ලෙස ගුරු වෘත්තීය සමිති විසින් ආණ්ඩුවට අභියෝගයක් ද කර තිබුණා.

ඒ අනුව ඊයේ (21) දිනයේ දී සිසුන් 200ට අඩු පාසල් නැවත විවෘත කිරීමට කටයුතු කළ අතර අභ්‍යාසලාභී උපාධිධාරීන්ව පාසල් සේවයට කැඳවා තිබුණු බවද වාර්තා වුණා.

මේ අතර අද (22) දිනයේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේදී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාසල් පැමිණි ගුරුවරුන් සහ සිසුන් පිළිබඳව සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීමට කටයුතු කළා.

අමාත්‍යවරයා කියූ කරුණු අනුව

ළමුන් 200ට අඩු පාසල් අතරින් ඊයේ දිනයේ පාසල් 98%ක ප්‍රමාණයක් විවෘත කර තිබුණා.

ළමුන් 200ට අඩු පාසල්වල සිටින සිසුන් අතරින් ඊයේ පැමිණි ළමුන් ප්‍රමාණය 16%කි.

එම පාසල්වල සිටින ගුරුවරුන්ගෙන් සේවයට පැමිණ අත්සන් තබන ලද අය 26%ක් බවත්, අත්සන් නොකළ ගුරුවරුන්ද සිටි බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

පාසල් ළමුන් 50,000ක ප්‍රමාණයක්ද, විදුහල්පතිවරුන් 8000ක ප්‍රමාණයක්ද ඊයේ දිනයේ පාසල් වෙත පැමිණ තිබෙනවා.

බස්නාහිර සහ දකුණු පළාතේ පාසල් පැමිණිම ඉතාමත් අඩු අගයක් ගෙන තිබුණු අතර එය 7%ක ප්‍රමාණයකි.

උතුරු (52%), නැගෙනහිර(45%), ඌව (30%), සබරගමුව (24%) යන පළාත්වල ගුරුවරුන්ගේ පැමිණීම ඉතාමත් සතුටුදායක මට්ටමක පැවැති බවද අමාත්‍යවරයා පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 October 2021 17:03