April 25, 2024

දිනේෂ් දාපු බෝලෙන් විමල් කොර වෙයි : ආණ්ඩු විරෝධී බොරු රංගනය දෙබස් සමගම එලියට

විමල් වීරවංශ මහතා - "මං මොනවා හරි කියලා ලෙඩක් වැටෙයිද."

දිනේෂ් ගුණවර්ධන මහතා - "නැහැ.නැහැ."

රාජ්‍ය ඇමැති ඉවත් කිරීම

අමාත්‍යවරුන් දෙදෙනා අතර මේ දෙබස ඇති වූයේ සුසිල් ප්‍රේම් ජයන්ත් මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමේ ප්‍රශ්නය මුල් කොටගෙන.

ප්‍රේම් ජයන්ත් මහතාව ජනපතිවරයා විසින් රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කිරීම මේ වන විට ප්‍රධාන මාතෘකාවක් වී තිබෙනවා.

ප්‍රේම්ජයන්ත් මහතා මෙන්ම ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන විමල් වීරවංශ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට යෑමේ දී ඇතිවූ ඉහත සඳහන් අපූරු දෙබස මේ වන විට සමාජ මාධ්‍ය ජාලා තුළ දක්නට ලැබෙනවා.

බෝලය පාස් කිරීම

ඒ උත්සවයකින් අනතුරුව දිනේෂ් ගුණවර්ධන හා විමල් වීරවංශ යන අමාත්‍යවරුන් වෙත මාධ්‍ය විසින් ප්‍රේම් ජයන්ත් මහතා ඉවත් කිරීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී.

එහිදී මාධ්‍යවේදීන් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා වෙත එම ප්‍රශ්නය යොමු කළ අතර ඔහු එය "මේ ගැන දෙන්නෙක් කතා කතාකරල වැඩක් නැහැ.එක්කෙනෙක් කතා කරාම ඇති.ඇමතිතුමා කතා කරයි" යැයි සඳහන් කරමින් විමල් වීරවංශ අමාත්‍යවරයා වෙත බෝලය පාස් කළා.

ඉන් අපහසුතාවයට පත් වීරවංශ අමාත්‍යවරයා "දැන් මාව අල්ලා ගත්තා" දැයි විමසමින් ගුණවර්ධන අමාත්‍යවරයා අමාත්‍යවරයාගේ කනට කොට යමක් පැවසුවා.

පුද්ගලික රූපවාහිනී සේවය

ප්‍රවෘත්තිය ආරම්භයේදීම සඳහන් වන්නේ අමාත්‍යවරුන් දෙදෙනා අතර ඇතිවූ ඒ දෙබසයි.

එම දෙබස එක්තරා පුද්ගලික රූපවාහිනි සේවයක් විසින් පටිගත කරගෙන තිබුණා.

විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන් ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීම ආණ්ඩුව සමඟ කතා කරගෙන කරන රංගනයක් ලෙසටයි බොහෝ දෙනකු හඳුන්වන්නේ.

ආණ්ඩුව විවේචනය කිරීම හේතුවෙන් ප්‍රේමජයන්ත් මහතා පමණක් ඉවත් කොට ඉහත සඳහන් කැබිනට් ඇමතිවරුන් තිදෙනා ඉවත් නොකිරීම මත එම කාරණය තවදුරටත් තහවුරු වන බවයි විපක්ෂයේ මෙන්ම ආණ්ඩුවේම ඇතැම් මන්ත්‍රීවරු සඳහන් කරන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 06 January 2022 11:37