May 12, 2024

අවමංගල්‍යයට දැනෙන මිල වැඩිවීමක්! ආදාහනාගාර ගාස්තුවත් ඉහළට?

ආදාහනාගර ගාස්තුව රුපියල් 2000කින් (දෙදහසකින්) ඉහළ දැමීමක් සම්බන්ධයෙන් පළවූ පුවතක් සම්බන්ධව කුලියාපිටිය නගර සභාවෙන් සභාපතිවරයා විසින් පිළිතුරු ලබාදී තිබෙනවා.

එහිදී නගර සභාවේ සභාපති ලක්ෂ්මන් අධිකාරි මහතා රූපවාහිනි නාලිකාවකට අදහස් පළ කරමින් පවසා සිටියේ තවමත් එහෙම අය කිරීම් ඉහළ දැමීමක් සිදුකර නොමැති බවයි.

එම පුවත අසත්‍යයක් බවද ඒ මහතා සඳහන් කර සිටියා.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරියේදී ආදාහනගාර කටයුතු සඳහා භාවිත කරන ගෑස් මිල ඉහළ ගියහොත් පමණක් මිල ඉහළ දැමීම සම්බන්ධව නගර සභාව ඒකමතිකව තීරණය කර ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 October 2021 15:37