May 12, 2024

ඉන්ධන හිඟයක්? පිරවුම්හල් අසළ දිගු පෝළිම්

ඊයේ (21) දිනයේ කෑගල්ලේ ඉන්ධනහල්වල තෙල් ලබා ගැනීම සඳහා විශාල පෝලිම් තිබුණා.

සමහර පෝලීම් කිලෝ මීටර් 1/2 දක්වා දිගට තිබින ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ එක් ඉන්ධන හලක පමණක් සුපිරි පෙට්ට්‍රල් ප්‍රමාණයක් තිබීම නිසා එහි පෝලිම කිලෝ මීටර් 1/2 පමණ දුරට විහිදි තිබෙන ආකාරයත් දකින්නට ලැබුණා.

කෑගල්ල පොලීසියේ නිලධාරීන් යොදවා මහජනතාව රථවාහන පාලනය කිරීමටද සිදුවුණු බවයි ඒෂියන් මිරර් ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ. 

 මේ සම්බන්දයෙන් අදහස් ප්‍රකාශ කළ ලංකා ඉන්දියානු ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමයේ සභාපති කෝසල විදානාරච්චි මහතා කියා සිටියේ මෙවන් කතාවක්,

“..අපි දැන් දින කිහිපයක සිට ඉන්ධන ඇනවුම් කරල තියෙන්නේ මේ ඉන්දියානු ආයතනයත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවත් එකතුවෙලා මේ තෙල් හිඟය ඇති කරන්නේ.

මේකත් ඩඩ්ලි සිරිසේන කළා වගේ වැඩක්, මෙහෙම කරන්න නම් ආණ්ඩුවක් ඕනේ නෑ”

එමෙන්ම මේ තත්වය ගැන සාකච්ජා කිරීමට ඇමති උදය ගම්මන්පිල මහතාගෙන්  අවස්ථාවක් ඉල්ලා ඇති බවද ඔහු සඳහන් කර සිටියා.

(සාලිය ගමසිංහ -  කෑගල්ල)

Rate this item
(0 votes)
Last modified on Monday, 25 October 2021 11:59