May 12, 2024

සිමෙන්ති කොට්ට, ගෑස් සිලින්ඩර්, හාල් ඇඟේ එල්ලන් සභාවට ආ මන්ත්‍රීවරයා (PHOTOS)

කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු විසින් අද (21) රටේ පවතින ගෑස්, කිරිපිටි, සිමෙන්ති, සහල්, සීනි ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යන්වල මිල ගණන ඉහල යාම සම්බන්ධයෙන් රජයට විරෝධය පාමින් ප්‍රාදේශීය සභාවතුල විරෝධතාවක නිරත වුණා.

කරච්චි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වූ එස්. ජීවරාජා විසින් කරච්චි ප්‍රාදේශීය සභා සැසිවාරයට පාගමනින් පැමිණියේ වෙනස්ම ආකාරයේ විරෝධතාවක්ද සිදුකරමින්.

එහිදී මන්ත්‍රීවරයා විසින් ගෑස් සිලින්ඩර් දෙකක් දෑත්වලින් එල්ලා තවද සිරුරෙහි සිමෙන්ති කොට්ටයක් බැඳ තවත් පැත්තකින් සීනි,කිරිපිටි සහ සහල් සිරුරේ එල්ලා ගෙන මෙලෙස විරෝධතා පාගමනින් පැමිණියා.

එහිදී ප්‍රාදේශීය සභාවට පාගමනින් පැමිණි මන්ත්‍රී වරයා විසින් වැඩිදුරටත් කියා සිටියේ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ මෙන්ම උතුරු පළාතේ වැඩි වශයෙන් ජීවත් වන ජනතාව යුද්දයෙන් බැට කා නැවත පදිංචියට ගොස් අලුතින් ජීවිත ආරම්භකර ඇති අවස්ථාවක රජය විසින් මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දැමීම හේතුවෙන් අද වන විට උතුරේ ජනතාවට දෛනික ජීවිතය පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.

එබැවින් වහාම අත්‍යවශ්‍ය දුව්‍යන්වල මිල ගනන් පහල දැමීමට රජය විසින් පියවර ගත යුතු බවටය.

මන්ත්‍රීවරයාගේ විරෝධතාවයට ප්‍රාදේශීය සභාවේ සිටි සෙසු මන්ත්‍රීවරුන් මෙන්ම සභාපතිවරයාද සහය දැක්වීමද විශේෂත්වයක් වුණා.

මන්ත්‍රීවරයාගේ විරෝධතාවයේ ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 25 October 2021 11:58