May 19, 2024

මෙරට ප්‍රථම සය දරු උපත සිදුවූ හැටි

සය දරු උපතක් පිළිබඳ පුවතක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

අද (21) අළුයම් කාලයේ දී මෙලෙස සය දරු උපතක් සිදුව ඇත්තේ මෙරට පළමු වරට යි.

කොළඹ පුද්ගලික රෝහලක් තුළ දී මෙම දරු උපත් සිදුව ඇති බව සඳහන්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සීසේරියන් සැත්කමකින් මෙම දරුවන් උපත ලබා තිබෙනවා.

මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැණු දරුවන් තිදෙනෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙකු යි.

දරුවන්ගේ මව්පියන් අංගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන් බව යි වාර්තා වන්නේ.

මව 31 හැවිරිදි බව පැවසෙනවා.

දරුවන් සහ මව මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව මහාචාර්ය ටිරාන් ඩයස් මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙම දරුවන් අතරින් එක් දරුවෙක් පමණක් මේ වන විට දැඩි වෛද්‍ය පරීක්ෂාව යටතේ පසුවන බව ද සඳහන්.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම දරුවා තත්ත්වය බරපතල තත්ත්වයක නොමැති බව යි.

May be an image of 1 person, child, standing and indoor

May be an image of standing and indoor

May be an image of 1 person and standing

May be an image of standing and indoor

May be an image of standing and indoor

May be an image of standing and indoor

Rate this item
(10 votes)
Last modified on Friday, 22 October 2021 11:19