May 12, 2024

ගෙදර මුළුතැන්ගෙයටම දැනෙන මිල වැඩි වීමක් සිදුවෙයි!

රුපියල් 500ට අලෙවි වූ ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 900 දක්වා ඉහළ ගොස් ඇති තිබෙනවා.

ඊට අමතරව කුරුඳු කිලෝවක මිල රුපියල් තුන්දහස් හාරසියයක් (3,400ක්) දක්වාද, කරාබු නැටි කිලෝවක මිල රුපියල් එක්දහස් හාරසියයක් (1,400ක්) දක්වාද, සාදික්කා කිලෝවක මිල රුපියල් දහස (1,000ක්) දක්වාද ඉහළ ගොස් තිබෙනවා.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙම මිල ඉහළ යෑම පිළිබඳව සඳහන් කර තිබුණා.

මීට අමතරව කෝපි කිලෝවක් රුපියල් එක්දහස් දෙසිය පනහ (1,250ක්) දක්වාද මිල වැඩි වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

පුවක් කිලෝවක් සඳහා වන මිලද රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා  වනවිට කුළුබඩු අපනයනය කිරීමෙන් ඇමරිකන් ඩොලර් මිලියන 350ක ආදායමක් උපයා ඇති බවයි.

එසේම වසරේ මේ දක්වා කාලය තුළ පමණක් කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි ඇතුළු ප්‍රධාන අපනයන භෝග මෙට්‍රික් ටොන් 45,000කට වැඩි ප්‍රමාණයක් අපනයනය කර ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 October 2021 00:13