May 12, 2024

දේශීය සීනි මිල ගැනත් තීරණයක්! ජනපතිගේ තීරණය ඇමති හෙළි කරයි

දේශීය සීනි සත පහකින්වත් වැඩි නොකර බවට කුඩා වැවිලි බෝග වගා සංවර්ධන ආශ්‍රිත අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර මහතා පවසනවා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ “මම සහතිකයක් දෙනවා. අතිගරු ජනාධිපතිතුමා මට කියල තියෙන්නේ අඩු කරන්න පුලුවන්නම් අඩු කරන්න කියල. දේශීය සීනි වැඩි කරන්නේ නැහැ පුලුවන්නම් අඩු කරනවා. දැන් මම මේ සදහා නම ක්‍රමවේදයක් හදනවා. සතොස සමූපකාරවලට දුන්නද ගමේ පුංචි කඩේට යන්නේ නැහැ.  ඒ නිසා ගමේ කඩේ විකුනන්න ක්‍රමවේදයක් හදනවා.”  ලෙසිනි.

ඇඹිලිපිටිය මොරකැටිය මාර්යේ බෞද්ධ මන්දීරයක් විවෘත කිරීමේ අවස්තාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියා.

(ප්‍රගීත් ජනක - ඇඹිලිපිටිය)

Rate this item
(0 votes)
Last modified on Thursday, 21 October 2021 00:42