May 11, 2024

කිරිපිටි මිල ඉහළ දැමූ ලෙසම දියර කිරි මිලත් ඉහළ යයි

දේශිය නිෂ්පාදිත කිරිපිටි පැකට්ටුවක මිල රු 90 කින් ඉහල දැමුවේ නම් දේශිය කිරි ගොවින් ලබාදෙන දියර කිරි ලීටරයක මිල රු 20 කින් ඉහළ දමන ලෙස නුවරඑලිය දිස්ත්‍රික්කයේ කිරි ගොවින් අදාළ කිරි සමාගම් වෙතින් ඉල්ලා තිබෙනවා.

දැනට තමන් කිරි සමාගම් වෙත ලබාදෙන දියර කිරි ලිටරයක් සදහා රු 80 ක මුදලක් ගෙවන බවත්, සත්ව ආහාර මිල ඉහළ යාම හමුවේ තම කර්මාන්තය සිදුකරගෙන යනු ලබන්නේ දැඩි ගැටළු රැසක් මැද බවත්, ඒ අනුව තමන්ට දියර කිරි ලිටරයක මිල රු 7 ක් දක්වා වැඩිකරදෙන ලෙස මාධ්‍ය මඟින් දේශිය කිරි සමාගම් විසින් දැනුම් දුන් බවයි නුවරඑලිය දිස්ත්‍රික්කයේ කිරි ගොවින් කියා සිටින්නේ.

දේශිය කිරිපිටි පැකට්ටුවක මිල රු 90 කින් වැඩි කලේ නම් තමන් ලබාදෙන දියර කිරි ලිටරයක මිල රු 20 කින් හෝ ඊට ආසන්න මුදලකට වැඩි කරදෙන ලෙස කිරි ගොවින් අදාල කිරි සමාගම් වෙතින් ඉල්ලා සිටිනවා.

(රංජිත් රාජපක්ෂ - හැටන්)

Rate this item
(0 votes)
Last modified on Monday, 18 October 2021 12:07