May 12, 2024

IOC ඉන්ධන පිරවුම්හල් අර්බුදයක! ඉන්දීයානු සමාගම ඉන්ධන දීම අත්හිටුවයි?

ලංකා IOC ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම ඉන්දියානු ඔයිල් සමාගම විසින් අත්හිටුවා ඇති බවට දිනපතා පුවතක්පතක් වාර්තා කරනවා.

එම පුවත්පත වෙත අදහස් දක්වමින් අයි.ඕ.සී ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කෝසල විදාන පතිරණ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීම නිසා ලංකා IOC ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවද ඒ මහතා සඳහන් කර සිටිනවා.

පසුගියදා IOC සමාගම විසින් ඉන්ධන මිල ඉහළ දමන බවට ප්‍රකාශ කළ අතර ඩීසල් ලීටරයක් රුපියල් 25 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 15 කින් ඒ අනුව ඉහළ දැමීමට සුදා එවන් පසුබිම මෙලෙස ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් පුවත්පත වාර්තා කර තිබුණා.

මේ සම්බන්ධව IOC සමාගම විසින් ද පුවත්පත වෙත අදහස් පළ කර තිබුණු අතර ඔවුන් ප්‍රකාශ කර තිබුණේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් මිල ඉහළ යනු ඇති බව සිතා ඉන්ධන තොග ගබඩා කිරීමට කටයුතු කිරීමට උත්සාහයක නිරත වන බවයි.

දින දෙකකට වරක් පමණක් ලැබෙන ඉන්ධන ඇණවුම් දැන් දිනපතා ලැබෙමින් තිබෙන බව පෙන්වා දෙන IOC සමාගම ප්‍රකාශ කර තිබුණේ දිනපතා ලැබෙන ඉන්ධන සැපැයුම් ලබාදීමට නොහැකි තත්ත්වයක් පවතින බවත් කිසිම අවස්ථාවක ඉන්ධන බෙදා හැරීම අත්හිටුවා නොමැති බවයි.

ඉන්ධන මිල ඉහළ දැමීමක් පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් රජයෙන් සහනයක් නොලැබෙන්නේ නම් තෙල් මිල ඉහළ දැමීමට සිදුවන බවත් IOC සමාගම විසින් පුවත්පතට පවසා තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 15 October 2021 21:11