May 13, 2024

දේශීය කිරිපිටිත් ගණන් උස්සයි - කිරිපිටි හිඟයත් නිමාවෙයි

දේශිය වෙළෙඳපොළේ මෙතෙක් පැවති කිරිපිටි හිඟය නිමා කරමින් කිරිපිටි ආනයනික මෙරට සමාගමක් විසින් අද (15) දින සිට වෙළෙඳසැල්වලට නව මිලට කිරිපිටි නිකුත් කිරිම ආරම්භ කර තිබෙනවා.

කිරිපිටි කිලෝවක මිලක රු 1125, ග්‍රැම් 400 කිරිපිටි පැකට්ටුවක් රු 480 ක් වැනි මිලකට අද දිනයේ සිට නිකුත් කරන බවයි එම සමාගමේ නිලධාරියෙකු ඒෂියන් මිරර් සමඟ කියා සිටියේ.

එම කිරිපිටි සමාගම විසින් පසුගිය දින කිහිපය තුල වෙළෙඳපොළට නිකුත් කළ කිරිපිටි පැකට් ප්‍රමාණයට වඩා අද දිනයේ සිට කිරිපිටි පැකට් වැඩි ප්‍රමාණයක් නිකුත් කරන බවද එම නිලධාරියා අප සමඟ කියා සිටියා.

වෙළෙඳසැල් කිරිපිටි අලෙවි කිරිමට නොතිබිම නිසා පසුගිය දිනවල පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි සිටියා.

දේශිය කිරිපිටි සමාගමක්ද අද (15) දිනයේ සිට වෙලදපොලට නිකුත් කරනු ලබන ග්‍රැම් 400 කිරිපිටි පැකට්ටුවක් රු 470 වැනි මිලකට අලෙවි කරනු ලබන ආකාරයත් දැක ගැනීමට හැකිවුණා.

නුවරඑලිය රාජ්‍ය ආයතනයක පහල මහලේ පිහිටි කිරිපිටි අලෙවිසැලක නව මිලට කිරිපිටි පැකට්ටුවක් මිල දි ගැනිමට විශාල පිරිසක් එම අලෙවිසැල ඉදිරිපිට රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් වුණා.

දේශිය කිරිපිටි මිල ඉහළ ගොස් ඇති ආකාරය

කිරිපිටි මිලදී ගැනීම සඳහා ජනතාව පැමිණ සිටි අයුරු

(රංජිත් රාජපක්ෂ - හැටන්)

Rate this item
(0 votes)
Last modified on Sunday, 17 October 2021 22:54