May 10, 2024

ත්‍රිරෝද රථ ගාස්තුවත් ඉහළට! ත්‍රිරෝද රථ සංගමයෙන් ප්‍රකාශයක්

තෙල් මිල වැඩි කළහොත් ත්‍රිරෝද රථ ගාස්තු රුපියල් 10 කින් වැඩිකරන බවට එක්සත් ජනතා ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සමිතියේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා පවසනවා.

තෙල් මිල ඉදිරියේ දී වැඩි කිරීමට සැලසුම් කළහොත් ත්‍රීරෝද රථ කිලෝමීටර් එකේ මිල රුපියල් 10 කින් වැඩිකරන බව එක්සත් ජාතික ස්වයං රැකියා ව්‍යාප්ත වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාර්ල්ස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

අද (14) කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ඉදිරියේ දී රජය තෙල් මිල වැඩි කිරීමට සූදානම් වී සිටින බවත් ඊට අමාත්‍යවරයා විසින් ඉඟි පළ කර තිබෙන බවත් සභාපතිවරයා පවසා සිටියා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ “දැනටත් ත්‍රිරෝද රථ කර්මාන්තය පාඩුපිට දුවනවා ඉදිරියේදී පාඩුව අවම කර ගැනීමට ක්‍රියා කරනවා. අපි මේ කැමැත්තකින් නෙවෙයි සිදු කරන්නේ බස් සහ දුම්රිය දිවීම නවත්වා තිබෙන්නේ ඉන්ධන නොමැති නිසා” යනුවෙන්ද ඔහු පවසා සිටියා.

(එන්.ඒ.ඩබ්ලිව් නිරෝෂන් - කොළඹ)

Rate this item
(0 votes)
Last modified on Friday, 15 October 2021 19:03