May 10, 2024

කටුමැටි යුගය සිහි කරමින් ඉදිකිරීම් ක්ෂේත්‍රයටත් දැඩි බලපෑම් - භාණ්ඩත් හිඟවෙයි

සිමෙන්තිවලට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය වර්ග සියල්ලගේම මිල සීග්‍රයෙන් මේ දිනවල ඉහළ යමින් පවතින බවත් ඉදිකිරීම් සඳහා යොදා ගන්නා  වෙළෙඳසැල්වලින් මිලදී ගැනීමට ඇති අමුද්‍රව්‍ය දැඩි හිගයක් පවතින බව හාඩ්වෙයාර් වෙළෙඳුන් පවසනවා‍ෙ

ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා අවශ්‍ය යකඩ, කම්බි, පිවිසි බට, ඇස්බැස්ටෝස් සෙවිලි සීට්, නාන කාමර කට්ටල සහ වැසිකිළි කැසිකිළි කට්ටල ආදී  සියල්ලම හිඟයක් මෙන්ම පවතින මිල ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ  මැසිවිලි නගනව

පාරිභෝගිකයින් චෝදනා කර සිටින කතාවේ සත්‍යක්  ඇත්දැයි සොයා බැලීම සඳහා අප දඹුල්ල නගරයේ පිහිටා ඇති ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිකරණ හාඩ්වෙයාර් වෙළඳසැල්වලට ගොස් විමසීමක් කළා.

එහි හිමිකරුවන්, කළමනාකරුවන්, මෙන්ම සේවක සේවිකාවන් කියා සිටියේ සිමෙන්ති විශාල වශයෙන් හිඟයක් පවතින බවයි. ඇතැම් පිරිස් කියා සිටියේ සංස්ථා සිමෙන්ති සීමිත කොටසක් ලැබෙන බවත් පාරිභෝගිකයන් එක් අයෙකුට කොට්ට 05 බැගින් ලබාදීමට කටයුතු කළ බවයි.

අනෙකුත් වෙළෙඳසැලකම සිමෙන්ති මාස ගණනාවකින් නොලැබුණ බවද වෙළෙඳසැල් හිමියන් පවසනවා.

එමෙන්ම ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා යොදා ගන්නා කම්බි, යකඩ වර්ග පිවිසි පයිප්ප බට අනෙකුත් ගොඩනැගිලි ද්‍රව්‍ය විශාල මුදලකින් මේ දින දිනවල ඉහළ ගොස් තිබෙන බවද ඒ වාගේ හිඟයක් පවතින බව ද ඔවුන් පෙන්වා දෙනවා.

වහල සෙවිලි සඳහා යොදා ගන්නා ඇස්බැස්ටෝස් සෙවිලි සීට් මිල ඉහළ යෑම සිදු වන බවත් ඒවායේ ද දැඩි හිගයක් වෙළඳපොලේ පවතින බවද එම සේවකයෝ පවසනවා.

අනෙකුත් භාණ්ඩ මේ ආකාරයෙන්ම හිගයක් මතුකරමින් මිල ඉහළ යෑම් සිදු වී ඇති බවත්  අත්‍යවශ්‍ය භාණ්ඩ වල ද හිගයක් ඇති වෙමින් සමග සීඝ්‍රයෙන් මිල ඉහළ යෑම සිදුවන බව ඔවුහු පෙන්වා දෙති.

මෙම හිඟය හේතුවෙන් ගොඩ ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත බාස්වරු අත්වැඩ ලබාදෙන කම්කරුවන් මෙන්ම බොහෝ දෙනා දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවද ජනතාව පවසනවා.

ඇතැම් පිරිස් කියා සිටියේ නිවාස ඉදිකිරීම් සිදු කරද්දී නැවත කටුමැටි යුගයට යා යුතු බවයි, එසේ  නොමැතිව අමාරුවෙන් ගොඩ නගා ගන්නා පිරිස් හට නිවසක් තනා ගැනීමට ගැටළු  සහගත තත්ත්වයක් ඉදිරියේ දී මතුවන   බවද ජනතාව පෙන්වා දෙනවා.

ගොඩනැගිලි  ඉදිකිරීම සඳහා අත්‍යවශ්‍ය  භාන්ඩ මෙයාකාරයෙන් හිඟ වීම මෙන්ම මිල ඉහළ යෑම පිළිබඳව වගකිවයුතු ආයතනයක් නොමැති බවත් ඒවාට මිල පාලනයක් සිදු කර නොමැති බවත් නිෂ්පාදනය කරන සහ විදේශ රටවලින් ගෙන්වන පෞද්ගලික ආයතන මඟින් මිල තීරණය කර බව වෙළෙඳුන් වැඩිදුරටත් පවසා සිටියා.

(කාංචන කුමාර - දඹුල්ල)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 October 2021 08:08