May 10, 2024

වෙළෙඳසැල්වල දුම්වැටි අතුරුදහන් වෙයි! වෙළෙඳුන් කළ අමුතුම සෙල්ලම

දුම්වැටි මිල ඉහල යන බවට තොරතුරු ලැබිමත් සමග හැටන් ඇතුළු වතුකරයේ ප්‍රධාන නගරවල අද (12) දිනයේ සිට දුම්වැටි හිගයක් ඇතිව තිබෙනවා.

දුම්වැටි අලෙවි කරන එජන්සිය මඟින් වෙනත් දිනවලට වඩා අද (12) දිනයේ වෙළෙඳැසල් හිමියන්ගේ ඉල්ලිම පරිදි දුම්වැටි තොග නිකුත් කර තිබියදි වෙළෙඳසැල් හිමියන් විසින් දුම්වැටි සඟවා ඇති බවයි පාරිභෝගිකයන් කියා සිටින්නේ.

මේ සම්බන්ධයෙන් අප හැටන් දුම්වැටි අලෙවි කරන එජන්සියෙන් කරන ලද විමසුමකදි එහි නිලධාරියෙකු කියා සිටියේ වෙනත් දිනවලට සාපේක්ෂව වෙළෙඳුන්ගෙන් දුම්වැටි මිල දී ගැනිම සදහා විශාල ඉල්ලුමක් පැවති බවයි.

එම ඉල්ලුම අනුව වෙවෙළෙඳුන් දුම්වැටි තොග අලෙවි කල බවද ඒජන්සියෙන් අප සමඟ පවසා සිටියා.

(රංජිත් රාජපක්ෂ - හැටන්)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 October 2021 17:34