May 11, 2024

ලංකාවට ක්‍රිප්ටෝකරන්සි ගේන්න යන පිරිස නම් කරයි - කැබිනට් මණ්ඩලයෙනුත් අනුමැතිය

ජාතික ප්‍රතිපත්ති රාමුවට අනුගත වෙමින්‌ තාක්ෂණය පදනම්‌ කරගන්‌ සමාජයක වැදගත්කම සහ එහි හර මතුකර පෙන්වන සෞභාග්‍යයේ සහ විභූතියේ අනාගත දැක්ම සාක්ෂාත්‌ කරගනු පිණිස ඩිජිටල්‌ බැංකුකරණය, බ්ලොක්චේන්‌ සහ එකී තාක්ෂණයට සම්බන්ධ ක්‍රිප්ටෝකරන්සි ඉපැයීම යන ක්ෂේත්‍රවලට අදාළ නීතිරීනි සහ රෙගුලාසි මෙන්ම ඒ පිළිබඳ ආයෝජකයින්‌ ආකර්ෂණය කර ගැනීම සම්බන්ධ වාර්තාවක්‌ සකස්කර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්‌ කිරීම උදෙසා කමිටුවක්‌ පත්කිරීමේ යොජනාවක්‌ ව්‍යාපෘති සම්බන්ධීකරණ හා උපදේශක ඇමති නාමල්‌ රාජපක්ෂ මහතා විසින්‌ ඉදිරිපත්‌ කරන ලදුව කැබිනට්‌ මණ්ඩලය විසින්‌ අනුමත කර තිබෙනවා.

එක්සත්‌ අරාබි එමීර්‌ රාජ්‍යය, මැලේසියාව, පිලිපීනය, යුරෝපා සංගමය හා සිංගප්පූරුව වැනි රටවල මේ සම්බන්ධව පවතින රෙගුලාසි හා මූලික ක්‍රමවේද අධ්‍යයනය කර ලංකාවට ගැලපෙන ක්‍රමවේදයක්‌ යෝජනා කිරීම සඳහා වූ බලතල කමිටුව වෙත පැවරී තිබේ.

වෙනත්‌ රටවල පවතින මුදල්‌ විශුද්ධිකරණයට, ත්‍රස්තවාදයට අරමුදල්‌ සැපයීම හා සාපරාධී ක්‍රියාවලට එරෙහි නීති රෙගුලාසි මෙන්ම ගනුදෙනුකරුවා හඳුනාගන්න යන බැංකු ප්‍රතිපත්තිය කමිටුව විසින්‌ අධ්‍යයනය කරනු ඇත.

ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළ වන විද්වතුන් පිරිසකගෙන් මෙම කමිටුව පත් කර ඇති අතර එම කමිටුව පහතින් දැක්වෙයි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 09 October 2021 11:21